“පදනමක් නැති – අසාධාරණ චෝදනා” – නීතීඥ හිජාස් අධිකරණයට ගෙනෙද්දී මාධ්‍යට කියයි

තමාට එරෙහිව ඇති චෝදනා පදනමක් නැති අසාධාරණ චෝදනා බව නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා පෙරේදා අධිකරණයට රැගෙන යමින් සිටියදී ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මාස 10ක පමණ කාලයක් රහස් පොලිසියේ රඳවාගෙන සිටි නීතිඥ හිස්බුල්ලා මහතා පෙරේදා මුල්වරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු අධිරණයට රැගෙන යද්දී මෙසේ පැවසීය. “සියයට සියයක් අමූලික අසාධාරණ චෝදනා. සියයට සියයක් මේක අපි දිනනවා.” යැයි කියද්දී රහස් පොලිසිය ඔහුට කතා කිරීමට ඉඩ නොදී නතර කරන අයුරු වීඩියෝවල සටහන් වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ පළවූ වීඩියෝව පහතින්…

මේ ගැන අධිකරණ වාර්තාව බලන්න පහත දිගුවෙන් පිවිසිය හැකිය…

නීතීඥ හිජාස් හිස්බුල්ලා රිමාන්ඩ් ; චෝදනා නගා ඇත්තේ එක කටඋත්තරයක් මත පමණක් බවට නීතීඥවරයා කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here