මාධ්‍යයත් කොවිඩ්-19 නිර්දේශ කඩලා : නිර්දේශ තරයේ පිළිපදින්නැයි ඉල්ලීමක්

කොවිඩ්-19 වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කරන අවස්ථාවන් හා සම්බන්ධ ප්‍රසිද්ධ නොකළ යුතු දර්ශන ඇතැම් මාධ්‍ය ආයතන විසින් විකාශය කරන බව නැවත වතාවක් නිරීක්ෂණය වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

විශේෂයෙන්ම දේහය බහාලන පෙට්ටිය ආදාහනාගාරය වෙත රැගෙන ඒම, ඇතුළු කිරීම හා ඒ සම්බන්ධ අතිශය සංවේදී ක්‍රියාකාරකම් මේ අයුරින් මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කරනු ලබන බවද මාධ්‍ය මගින් මෙවැනි භාවිතාවන් වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ්-19 වැළැක්වීමේ කාර්ය සාධන බලකාය විසින් හඳුන්වා දෙන ලද නිර්දේශ කෙරෙහි නැවත ඔබගේ අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා කියයි.

කොවිඩ්-19 ආසාදිත තැනැත්තකු මරණයට පත්වීමකදී එම අවසන් කටයුතු පිළිබඳ පුවත් වාර්තා කළ යුතු ආකාරය ගැන මීට පෙර නිකුත් කළ නිර්දේශ මාලාවේ පරිදි කටයුතු කරන්නැයි ඒ මහතා ඉල්ලයි.

ඒ අනුව කොවිඩ්-19 වෛරසය අාසාදිතව මරණයට පත් තැනැත්තකුගේ අවසන් කටයුතු සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා කරණයේදී මෙන්ම කොවිඩ්-19 වෛරසය සම්බන්ධ සියලු මාධ්‍ය භාවිතාවන්හී අදාළ නිර්දේශ තරයේ පිළිපැදීමට කටයුතු කරන මෙන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද හෙතෙම පවසයි.

Previous articleකොරෝනා නිසා පාර්ලිමේන්තුවේ දොර මාධ්‍යවේදීන්ට වැසෙයි
Next articleරෝගීන් සහ සම්බන්ධතා මාධ්‍යයට නිරාවරණය කිරීමට එරෙහිව රෙගුලාසි ගේන්නැයි ඉල්ලති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here