මාධ්‍යවේදීන්ට පහර දුන් බව කියන එක් සැකකරුවෙකුට පමණක් ඇප

වනාන්තර විනාශ කිරීමක් පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නෝර්වේ රාජ්‍යයේ පුරවැසියකුට ඇප ලබාදීමට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කටයුතු කර තිබේ.

කනපතිපිල්ලෙයි කුමනන් සහ ශන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ නෝර්වේහි, ඔස්ලෝ නගරයේ ස්ථිර පදිංචිකරුවකු ලෙසට පොලිසියට ලියකියවිලි ඉදිරිපත් කර තිබූ නිශාන්තන් රාජේන්ද්‍රන් ය. මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනකු යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, සියලු සැකකරුවන්ට නොවැම්බර් 03 දා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දීම, තුවාල සිදු කිරීම, ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම සහ නීතිවිරෝධී දැව ජාවාරම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබේ. පසුගිය 12 වැනිදා මෙම පහර දීම සිදු වී තිබූ අතර, පහර දුන් පිරිස මාධ්‍යවේදීන් විසින් අදාළ දැව ජාවාරම සම්බන්ධයෙන් පටිගත කරන ලද දර්ශන ද මකා දැමූ බව ඔවුන් පොලිසියට පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් අප මීට පෙර වාර්තා කරන ලද පුවත් පහතින්…

Previous articleපුරවැසියන්ට පහර වදින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ බෝල සෙල්ලම
Next articleචීනයේ ව්‍යාපාර සහායක පොම්පෙයෝ, ලංකාවේදී චීනය ගැන කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here