ත්‍රී'මලේ අක්කර 1000ක් ගැන සම්බන්දන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රී'මලේ අක්කර 1000ක් ගැන සම්බන්දන්ගෙන් ජනපතිට ලිපියක්

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ ජීවත් වන දෙමළ ජනතාව පාරම්පරිකව වගා කටයුතු වල නිරත වු ඉඩම් අක්කර 1000 ආසන්න ප‍්‍රමාණයක වගා කටයුතු වල නිරතවිමට ඉඩනොදී එම ප‍්‍රදේශයේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් විවිධ බලපෑම් සිදු කරමින් සිටින බවට චෝදනා කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ නැගෙනහිර පළාතේ ජීවත් වන දෙමළ ජනතාවට තම පාරම්පරික ඉඩම් වල නිදහසේ වගා කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.

Share