20ට විරුද්ධ වෙන්න සමගි ජන බලවේගය තීරණය කරයි

20ට විරුද්ධ වෙන්න සමගි ජන බලවේගය තීරණය කරයි

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වයත්,එය  පරාජය කිරීමට කටයුතු කිරීමටත්  සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ. 

අද(07) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2දී රැස්වූ අතර එහිදී අදාළ තීන්දුව ගෙන ඇත.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් මේ පිළිබඳව යෝජනාව ඉදිරිපත් කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා එය ස්ථීර කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත්,19 දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බව සමගි ජනබලවේගය තීන්දු කොට ඇති අතර '19න් ඉදිරියට' තේමාව කොටගෙන ජනතා විරෝධතාවයක් හෙට(08) සවස 4.00ට ජපන් මිත්‍රත්ව  මාවතේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පිලිරුව අසලදී පැවැත්වීමට ද තීරණය වී ඇත.

 

Share