පරිසරවේදීන් මරන්න කළින් සංවර්ධනයට බාධා කරන්නන් ලෙස හංවඩු ගහලා

Staff Writer | Author . Translate to English or தமிழ் 8/31/2020 2:52:00 PM
පරිසරවේදීන් මරන්න කළින් සංවර්ධනයට බාධා කරන්නන් ලෙස හංවඩු ගහලා

ඝාතනය කරන ලද බොහෝ පරිසරවේදීන් ජීවත්ව සිට්න කාලයේදී ත්‍රස්තවාදීන් හෝ සංවර්ධනයට බාධා කරන්නන් ලෙස හදුන්වා ඇති බව පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුත්තේ ලංකාවේ ඇති වෙමින් පවතින තත්ත්වයද එවැන්නක්ම වීම නිසාවෙන් බව ද ඔහු කියයි.

මේ දිනවල සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ඇතැමුන් විසින් පරිසරවේදීන් සංවර්ධනයට බාධා කරන බවට චෝදනා කරනු ලැබීමත් සමග පරිසරවේදී ආචාර්ය කාරියවසම් මහතා ෆේස්බුක් සටහනක් පළ කරමින් මෙසේ පැවසීය.

එම සටහන පහත දැක්වෙයි.

ලොව වැඩිම පරිසරවෙිදීන් සංඛ්‍යාවක් (212) ඝාතනය වන්නේ 2019 වසරේදීය. ඔවුන් ඝාතනය කිරීමට පෙර සංවර්ධනයට බධා කරන්නන් ලෙස හා ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා තිබිණි.

බර්ටා කැසරස්ව යම්තාක් දුරකට මා හට හඳුනා ගැනීමට හැකි වන්නේ 2016 වසරේ මුල් මාසය තුළ ස්පාඤ්ඤයේ වැලන්සියා විශ්ව විද්‍යාලයේ තිබු ලෝක වනාන්තර හා ඉඩම් සම්බන්ධව තිබු සමුළුවේදීය.

එක්සත් ජාතින්ගේ සංවිධානය සමග දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව අපට නැවතත් වැටහුණේ එම සංවිධාන අපගේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් නොවන බවයි.

එම සමුළුව නිමවී මා මගේ රටටත් කැසරස් හොන්ඩුයුරාස් වෙතටත් පිටත්ව ගියා. මසක් ගත වන්නටත් කළින් ඇයව වෙඩිතබා ඝාතනය කර ඇති බව දැනගත්තේ දුමින්ද අලහකොන් සහෝදරයාගේ ෆේස්බුක් පිටුවේ ඇයගේ ජායාරෑප දමා තිබීමත් සමගය.

කැසරස්ලා අරගල කළේ තමන්ගේ ගෙවල් දොරවල් බේරා ගැනීමට නොව ලෝකය යහපත් තැනක් බවට පරිවර්තනය කිරීම සදහා ගහකොළ, ඇල දොළ බේරා ගැනීම වෙනුවෙනි.  

The Guardian  පුවත්පත දක්වා සිටින ආකාරයට දෙදහස් දහ නවය වසරේ සෑම සතියකටම පරිසරවේදීන් හතර දෙනෙක් බැගින් ඝාතනය කරනු ලැබ ඇත.

එම ඝාතන වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ දකුණු ඇමරිකා, අප්‍රිකා හා ආසියා රටවලය. 

2019 වසරේ පිලිපීනයේ 43 දෙනකු , මෙක්සිකෝවේ 64 දෙනකු, බ්‍රසීලයේ 24, මෙක්සිකොවේ 18 දෙනකු හා හොන්ඩියුරාස් හි 14 දෙනකු වශයෙන් ඝාතනය කර ඇති අතර ඉන්දියාව, කාම්බෝජය, ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල්වල පසුගිය වසර තුළ පරිසරවේදීන් ඝාතනය කර ඇත.

පසුගිය වසරේ නොවුණත් යාපනයේ වැලිගොඩ දැමීමකට එරෙහි වු දමිළ තරැණයෙක් යුද්ධයෙන් පසුව මරා දමා තිබුණ අතර පෞද්ගලිකව අපට පහර දුන් අවස්ථා, මරණ තරජන කළ අවස්ථා අප්‍රමාණව ඇත. 

නමුත් ඒ උදෙසා කළ පැමිණිලි පවා පොලීසිය මගින් විභාග නොකරන ලදී. මගේ කතා වලට වඩා මෙහි බරපතල තත්ත්වය පොදු⁣වෙි උකහා දැක්වීම වටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසන්නේ 2019 වසර වැඩිම පරිසරවේදීන් ලොව පුරා ඝාතනය කළ වසර ලෙසය. ඒ අනුව පසුගිය වසරේ ලොව පුරා පරිසරවේදීන් 212 ඝාතනය කර ඇත. 2020 අප්‍රේල් 14 වැනිදා මෙක්සිකෝවේ එම වසරේ තුන් වන පරිසර වේදියාත් ඝාතනය කරන ලදී. මෙම පරිසරවේදීන් ඝාතනය කිරීමට පෙර බොහෝ රාජ්‍යයන් ඔවුන්ට අලවන පොදු ලේබලයක් ඇති බව ලොව ප්‍රසිද්ධ ජන මාධ්‍යවේදියෙකු වන රාජ් දේසායි තම සටහන් තුළ දක්වා ඇත.

"Global Witness documented governmental armed forces labelling environmental activists as “anti-development rebels” or “terrorists” to delegitimise certain communities’ environmental concerns, which put these defenders at risk of lethal attacks, unjust prosecutions and other abuses and threats" 

ඔහුට අනුව ඝාතනය කරන ලද බොහෝ පරිසරවේදීන්ට ජීවත්ව සිට්න කාලයේදී ත්‍රස්තවාදීන් හෝ සංවර්ධනට බාධා කරන්නන් ලෙස හදුන්වා ඇති අතර අප අවධානය යොමු කළ යුත්තේ ලංකාවේ ඇති වෙමින් පවතින තත්ත්වයද එවැන්නක්ම වීම නිසාවෙනි. 

මේ වසරේ අගෝස්තු මස ලොව පුරා ඝාතනය කරන ලද පරිසරවේදීන් කිහිප දෙනාම ත්‍රස්තවාදීන් ලෙස හදුන්වා තිබිණි. ඔවුන් සංවර්ධනයට ප්‍රබල බාධාවක් ලෙස පෙරදී හදුන්වා දී තිබු අතර සියලු දෙනාම නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදී. 

Share