නීතීඥ හිජාස් ගැන විමර්ශනයේ සියලුම සාක්කිකරුවන්ගේ ප්‍රකාශ සම්පිණ්ඩන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි සීඅයිඅඩියට නියෝග

Staff Writer | Author . Translate to English or தமிழ் 8/19/2020 1:02:00 PM
නීතීඥ හිජාස් ගැන විමර්ශනයේ සියලුම සාක්කිකරුවන්ගේ ප්‍රකාශ සම්පිණ්ඩන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි සීඅයිඅඩියට නියෝග

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් කරගෙන යන විමර්ශනවලට අදාලව මේ වන විට ලබාගෙන ඇති සියලුම සාක්කිකරුවන්ගේ ප්‍රකාශවල සවිස්තරාත්මක සම්පිණ්ඩනයක් අධිරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ නීතීඥවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඇතුළු නීතීඥවරු පිරිසක් කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාලව සෑහෙන පිරිසකගෙන් රහස් පොලිසිය සාක්කි සටහන්කරගෙන ඇතත් ඒවා අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම නීතීඥවරු ප්‍රකාශ කළහ.

සෑහෙන පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන දෙතුන් දෙනකුගේ ප්‍රකාශ පමණක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, සාක්කිකරුවන් දෙදෙනකුට ප්‍රකාශයක් උගන්වා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දීමට රහස් පොලිසිය කටයුතු කර ඇති බවත්, ඔවුන්⁣ දෙදෙනාට ඉගැන්වූ ප්‍රකාශ මාධ්‍ය හරයා ප්‍රචාරය කළ බවත් නීතීඥවරු සඳහන් කළහ. එලෙස ඉගැන්වූ ප්‍රකාශ නොවේනම් සාක්කිකරුවන් මහේස්ත්‍රාත් ඉදිරිපිට ලබා දුන් රහස් ප්‍රකාශ මාධ්‍යවලට ගියේ කෙසේදැයි නීතීඥවරු ප්‍රශ්න කළහ.

මහේස්ත්‍රාත් ඉරිපිට දුන් රහස් ප්‍රකාශ මාධ්‍යවල⁣ට ගියේ කෙසේද යන්න සොයා බලන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට කළ නියෝගය ක්‍රියාත්මක වී නැති බව පෙනී යන්නේයැයි සඳහන් කළ මහේස්ත්‍රාත් වරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙසද නියෝග කළේය.

Share