හිටපු මැලේසියා අගමැති දූෂණ-වංචා නඩුවක වැරදිකරු වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 7/28/2020 12:53:00 PM
හිටපු මැලේසියා අගමැති දූෂණ-වංචා නඩුවක වැරදිකරු වෙයි

ඇමෙරිකා ඩොලර් මිලියන ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් නඩුවක චෝදනා 07කට මැලේසියා හිටපු අගමැති නජිබ් රසාක් වැරදිකරු බවට එරට අධිකරණය තීන්දු කළේය.

2009 සිට 2018 දක්වා අගමැති ධුරය දැරූ නජිබ්ට එරෙහි නඩුව මැලේසියාවේ දූෂණ විරෝධී උත්සහයේ වැදගත් පියවරක් ලෙස විදෙස් මාධ්‍ය හැඳින්වීය.

"වන් මැලේසියා ඩිවෙලොප්මන්ට් බර්හාඩ් අරමුදල"ට ලැබුණු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මෙම නඩු විභාගය පැවැත්වූ අතර රසාක්ට එල්ලවී තිබූ චෝදනා 7ටම ඔහු වැරදිකරු බවට තීන්දු කෙරිණි.

මෙම අරමුදල වටා ඇති වංචාව මගින් වංචා සහ දූෂණ පිළිබඳ ගෝලීය ජාලයක් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

සාපරාධී විශ්වාසය කඩ කිරීම, මුදල් විශුද්ධිකරණය සහ බලය අයුතු ලෙස පරිහරණය කිරීම යන චෝදනාවලට තමා වරදකරු නොවන බවට ඔහු අධිකරණයේදී පැවසීය.ඔහු මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවට ද වාර්තා වෙයි.

නජිබ්ට දශක ගණනාවක සිර දඬුවම් විඳීමට සිදුවනු ඇති නමුත් අභියාචනාව අවසන් වන තුරු ඔහු සිර දඬුවම් නොලැබෙණු ඇතැයි එරට මාධ්‍ය පවසයි.

"මෙම නඩු විභාගයේ ඇති සියලුම සාක්ෂි සලකා බැලීමෙන් පසු, පැමිණිල්ල සාධාරණ සැකයකින් ඔබ්බට සාර්ථකව ඔප්පු කර ඇති බව මට පෙනී යයි" විනිසුරු මොහොමඩ් නස්ලාන් මොහොමඩ් ගසාලි ක්වාලාලම්පූර් මහාධිකරණයේදී පැවසීය.

එම අරමුදලෙන් ඩොලර් මිලියන 10 ක්  ඔහුගේ පෞද්ගලික ගිණුම් වෙත මාරු කරගැනීම ඔහුට එල්ලවන ප්‍රධාන චෝදනාවයි.නජිබ් සියලුම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහු පැවසූවේ තමා ජෝ ලෝ ඇතුළු මූල්‍ය උපදේශකයින් විසින් නොමඟ යවනු ලැබ ඇති බවයි.

ජෝ ලෝ මේවන විට පලාගොස් ඇති අතර ඔහුට එක්සත් ජනපදයේ සහ මැලේසියාවේ චෝදනා එල්ල වී තිබේ. 

නජිබ්ගේ නීතිඥ කණ්ඩායම තර්ක කළේ ඔහුගේ ගිණුම්වල ඇති අරමුදල් සෞදි රාජකීය පවුල විසින් පරිත්‍යාග කරන ලද්දක් යැයි විශ්වාස කිරීමට හේතු වූ බවයි.

මෙම චෝදනාවලට වසර 15 සිට 20 දක්වා සිර දඬුවම් නියම වන අතර තමා මෙම නඩුවෙන් වරදකරු වුවහොත් අභියාචනයක් ඉදිරිපත් කරන බව නජිබ් නඩු තීන්දුවට පෙර පැවසීය.

Cover Photo : Fazry Ismail/EPA, via Shutterstock

 

Share