පාර්ලිමේන්තුවේ තොරතුරු රැස්වන දිනයේදීම ජනතාවට 

Staff Writer | Author . Translate to English or தமிழ் 7/28/2020 7:44:00 AM
පාර්ලිමේන්තුවේ තොරතුරු රැස්වන දිනයේදීම ජනතාවට 

මහ මැතිවරණයෙන් පසුව පිහිටුවන නව පාර්ලිමේන්තුවේ සියලු ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී ම ජනතාව වෙත ලබාදීම සදහා ක්‍රමවේදයක් සකසන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඊට අමතරව පාර්ලිමේන්තු කාරක සභාවල තොරතුරු ඒ මොහොතේම ජනතාවට ලබාදීම සදහා ඉදිරියේදී කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ ක⁣ළේය. 

පාර්ලිමේන්තුව පිළිබද මහජන විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීම සදහා එය හේතුවන බවද  මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ කටයුතු මහජනතාව වෙත රැගෙන යාම සදහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ජංගම සේවා ක්‍රියාත්මක කරමින් ඒ සදහා කටයුතු කිරීමට පියවර ගන්නා බවත් මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය පසුගිය වසර 05 තුළදී ම රාජ්‍ය ආයතන අතර හොදම වෙබ් අඩවිය ලෙස සම්මාන ලැබූ බව සදහන් කළ මහලේකම්වරයා එය තව දුරටත් සංවර්ධනය කිරීම සදහා කටයුතු කරන බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු නිර්දේශපාලනිකව, සියයට සියයක් නිවැරදිව සිදු කිරීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය. 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මගින් නිර්මාණය කළ “පාර්ලිමේන්තු විත්ති” පුවත් හසුන එළිදැක්වීමේ අවස්ථාවට අද (27) සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය.

Share