පොලිසිය ඉදිරියේම පොහොට්ටු අපේක්ෂකයා නීතිය කඩයි : පැමිණිල්ලක් නෑ - පොලිසිය

Staff Writer | Author . Translate to English or தமிழ் 7/28/2020 12:14:00 AM
පොලිසිය ඉදිරියේම පොහොට්ටු අපේක්ෂකයා නීතිය කඩයි : පැමිණිල්ලක් නෑ - පොලිසිය

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක සනත් නිෂාන්ත මහතා මැතිවරණ ප්‍රචාරණ වැඩසටහනක් අතරතුර හිස් ආවරණ නොමැතිව අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගමන් ගන්නා වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවලට මුදාහැර තිබේ.

එමෙන්ම ඊට සහභාගි වී සිටින හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසේ කිසිවකු මුඛ ආවරණ පැළඳ නැති අතර  මැතිවරණ මාර්ගෝපදේශ ගැසට්ටුව අනුව මුඛ ආවරණ නොමැතිව ඡන්ද ප්‍රචාරණ කටයුතු කිරීම වරදකි.

එම ගැසට්ටුව පහත දැක්වෙයි.

මෙම පිරිස මෙලෙස නීතිය කඩකරන්නේ පොලිසියත් එම ස්ථානයේ සිටිද්දීම වීම වි⁣⁣⁣ශේෂත්වයකි.

මැතිවරණට පෙරම අපේක්ෂකයින් මෙලෙස නීතිය කඩන්නේනම් පසුව කෙසේ හැසිරේදැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහූ ප්‍රශ්න කරති.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසූවේ එවන් සිද්ධියක් ගැන මෙතෙක් වාර්තා වී නැති බවයි.

එම ඡායාරූප පහත දැක්වෙයි.




Share