ගම්මිරිස්වලට හොඳ මිලක් නොලැබෙන්න ඊබ්‍රාහිම් සිරකිරීමත් හේතුවක් - මහින්ද 

Staff Writer | Author . Translate to English or தமிழ் 7/27/2020 11:04:00 AM
ගම්මිරිස්වලට හොඳ මිලක් නොලැබෙන්න ඊබ්‍රාහිම් සිරකිරීමත් හේතුවක් - මහින්ද 

ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් සිරගතකර තැබීම නිසා ගම්මිරිස් සඳහා වගාකරුවන්ට ලැබෙන මිල පහත වැටී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මොහොමඩ් ඊබ්‍රාහිම් යනු පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉම්සාත් අහමඩ් ඊබ්‍රාහිම් හා ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් යන දෙදෙනාගේ පියා වන අතර ඔහු මේ වන විට රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.

කොරෝනා වසංගතය හේතුවෙන් අපනයනයක් අඩුවීමත් සහ ඊබ්‍රාහිම් සිරකර තැබීම නිසා නිසා ඔහුගේ ව්‍යාපාර අක්‍රීය වීමත් ඊට බලපා ඇතැයි 
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මීට දින කිහිපයකට පෙර මොනරාගල දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීවේය.

කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු අපනයනය යළි ආරම්භ වීමත් සමඟ මෙම ගම්මිරිස් මිල සම්බන්ධ ගැටළුව විසදෙනු ඇති බවට අගමැතිවරයා එහිදී කිවේය.

අගමැතිවරයා එහිදී මෙසේ පැවසීය.

" එදා බඩල්කුඹුරේ ගම්මිරිස්වලට මිලක් තිබුණා.අද කොරෝනා වසංගතය එක්ක ඒක බැහැලා. අනික් පැත්තෙන් ඊබ්‍රාහිම්ගේ සිර කිරීමත් එක්ක ඔහු අක්‍රීය විම නිසා ඇති වෙලා තියෙන ගැටළුව එක්ක තවත් මිල බැස්සා. මේ ප්‍රශ්නය අපි කියනවා තමුන්නාසන්සේලට මේ කොරෝනා වසංගතය අවසන් වුණාම නැවත අපනයනය ආරම්භ වුණාම වහාම මේ මිල යළි හරිගස්සන්න පියවර ගන්නවා "

Share