එජාප කළුතර අපේක්ෂක තෙවරප්පෙරුම පහරකෑමකින් රෝහලේ

Staff Writer | Author . Translate to English or தமிழ் 7/22/2020 8:30:00 PM
එජාප කළුතර අපේක්ෂක තෙවරප්පෙරුම පහරකෑමකින් රෝහලේ

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

ඔහුගේ වම් පාදයට බරපතල තුවාල සිදුව ඇතැයි ද ඔහු ශල්‍යකර්මයකට යොමු කිරීමට නියමිතව ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග පවසයි.

මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියකට අදාළ කොන්ත්‍රාත් සේවකයින් පිරිසක් සහ තෙවරප්පෙරුම මහතා අතර බහින්බස් වීමක් සිදුව ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

එම සිද්ධියෙන් පසු මෙම පහරදීම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. 

Share