"සුව විරු නම එපා - සැප හෝටල් එපා"

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/13/2020 4:28:00 PM
"සුව විරු නම එපා - සැප හෝටල් එපා"

කොවිඩ්-19 වසංගත දිනවල දීමට නියමිතව තිබූ නිවාඩු සහ වැටුප් කප්පාදු කිරීමට එරෙහිව මහනුවර ශික්ෂණ රෝහලේ හෙද හෙදියෝ පිරිසක් අද (13) එම රෝහල ඉදිරිපිට විරෝධතාවක් කළහ.

සුවවිරු නම එපා යැයිද සැප හෝටල් එපා යැයි ද තමන්ට හිමි දීමනා පමණක් දෙන්නැයි ද ඔවුහූ විරෝධතාවයේදී පැවසූහ.

ඉදිරියේදී තීරණාත්මක තීරණගැනීමට සිදුවන බව ද දැන් කිසිවෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් නොවන බව ද ඔවුහූ කීහ. 

වෙනත් පහසුකම් අවශ්‍ය නැති බවත් තම දීමනා පමණක් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

විරෝධතාව⁣ට සම්බන්ධ වූ හෙද නිලධාරීයෙක් මෙසේ පැවසීය.

" තමන්ගේ පෞද්ගලික වාහනවලින් ඇවිත් තමයි සේවාවන් ඉටුකළේ.ඒත් දෙන්න ඕනේ අවම දීමනාවවත් දීලා නෑ.දැන් කොරෝනා රැල්ලේ දිගුවක් ඇවිත් තියෙනවා. මේ අවස්ථාවේ හෙද හෙදියෝ රැවටෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මාධ්‍ය සංදර්ශන තියලා කාර්ය මණ්ඩලය රවටලා සේවය ලබාගන්න හිතනවනම් ඒකට ඉඩ ලැබෙන්නේ නෑ."



(ඡායාරූප : අන්තර්ජාලයෙනි)

Share