දින තුනක නිවාඩුව බොරුවක් 

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/12/2020 11:04:00 AM
දින තුනක නිවාඩුව බොරුවක් 

රජය දින තුනක නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බව⁣ට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.

සමාජ මාධ්‍ය හරහා එලෙස හුවමාරු වන එක් වීඩියෝවක් මාර්තු 16 වැනිදා විකාශය වූ අද දෙරණ විශේෂ පුවතක  (Breaking News) වීඩියෝවකි.ඇතැමුන් එය ඊයේ(11) විකාශය වූ පුවතක් ලෙසට හුවා දක්වමින් පළ කර තිබේ.

එම වීඩියෝව අලලා ඇතැමුන් සමාජ මාධ්‍ය හරහා පුවත් පළ කරන අතර ඒවා සම්පූර්ණයෙන් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට ගෙන යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව කලුවැව මහතා ප්‍රකාශ කරයි.

මෙවැනි කට කතා සහ සමාජ මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිල තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් තිබේ නම් එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන බවත් ඔහු සඳහන් කරයි.

මූලාශ්‍ර මඟින් තහවුරු කරන ලද නිල පුවත් මත පමණක් විශ්වාසය තබන ලෙසත් වගකිව යුතු ජනමධ්‍ය මඟින් පමණක් ලබාදෙන තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

Share