පොලිසිය නිරෝධායන රීති කඩ කරන හැටි පෙන්නූ මාධ්‍යවේදීයාට තර්ජන

Staff Writer | Author . Translate to English or தமிழ் 6/28/2020 4:53:00 PM
පොලිසිය නිරෝධායන රීති කඩ කරන හැටි පෙන්නූ මාධ්‍යවේදීයාට තර්ජන

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මහ මැතිවරණ අපේක්ෂකයින් හඳුන්වාදීමේ වැඩසටහනකට ගිය මාධ්‍යවේදීයකුට නෙල්ලිඅඩි පොලිසිය තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

එම වැඩසටහනට ගිය මාධ්‍යවේදීන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කර ඇතැයි ද එහිදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් අනාරක්ෂිත ලෙස අත් ආවරණ පැළදීමකින් තොරව පරීක්ෂා කර ඇතැයි ද එම අවස්ථාවට ගිය මාධ්‍යවේදීහු චෝදනා කරති.

සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව අත් ආවරණ නොමැතිව පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීයාට හෝ තමාට කොරෝනා වෛරසය වැළඳී තිබුණහොත් එය පැතිරෙන බවට පැහැදිලි කිරීමට ගිය සහ එලෙස පරීක්ෂා කරන අයුරු ඡායාරූප ගැනීමට ගිය මාධ්‍යවේදියකුට පොලිසිය බැන වැදී තර්ජනය කර තිබේ.

"පරීක්ෂා කිරීම ඔබේ රාජකාරීය ඔබ එය කරන්න. මම මගේ රාජකාරීය කරන්නම්"යැයි අදාළ මාධ්‍යවෙදියා පවසා තිබේ.

එවිට අදාළ මාධ්‍යවේදියාට නඩු පවරන බව⁣ටත් 30 වැනිදා ⁣උසාවි පැමිණෙන ලෙසට නෙල්ලිඅඩි පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළ බවටත් අදාල සිද්ධියට මුහුණ දුන් මාධ්‍යවේදියා පැවසීය.

Share