ආශු මාරසිංහට එරෙහි වෛරී ප්‍රකාශවල ඇත්ත කතාව

Staff Writer | Author . Translate to English or தமிழ் 6/18/2020 1:52:00 PM
ආශු මාරසිංහට එරෙහි වෛරී ප්‍රකාශවල ඇත්ත කතාව

කොරෝනා පාලනය වූණේ ජනතාව සිතා ස්වයං නිරෝධායනයට ලක් වුණ නිසා පමණක් බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා උපුටා දක්වමින් සමාජ මාධ්‍ය හරහා ⁣පැතිරෙන කතාව කරුණු විකෘති කිරීමක් බව Medialk.com කළ සොයාබැලීමකදී අනාවරණය විය.

එම කරුණු විකෘති කළ ඡායාරූපය සමාජ මාධ්‍යවල හුවමාරු වූයේ වෛරී ප්‍රකාශ සහිත අදහස් ද සමගය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ආශු මාරසිංහ මහතා පැවසූවේ තමා කළ ප්‍රකාශයේ කොටසක් පමණක් වැරදිය⁣ට පළ කර ඇති බවත් තමා කළ ප්‍රකාශයේ ඉතිරිය පළ කර නැති බවත් ය.

"මම කිව්ව කතාව වැරදියට පළ කරලා තියෙන්නේ.මම කිව්ව එක කෑල්ලක් විතරක් අරගෙන තමයි ඒ ඡායාරූප හදලා තියෙන්නේ.මම කිව්ව ප්‍රකාශයේ ඉතිරිය දාලා නෑ.මම කිව්වේ කොරෝනා පාලනයට ප්‍රධාන හේතුවක් තමයි ජනතාව සිතා බලා ස්වයං නිරෝධායනය වුණ එක කියලයි.ඒ වගේම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කාර්යභාරයක් කළා.රජයත් යම් කිසි කාර්යභාරයක් නොකළා නෙමෙයි.නමුත් මම කිව්වේ ජනතාට මේකේ ප්‍රධාන ගෞරවය යන්න ඕන කියලයි."

ජූනි 11 පැවති හිරු බලය වැඩස⁣ටහනේදී කළ ප්‍රකාශයක් මෙලෙස කරුණු අඩු කර සමාජ මාධ්‍යවල පැතිරෙයි.

ආශු මාරසිංහ මහතා මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ එම වැඩසටහනට සහභාගී වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

"රටේ ජනතාව ඇත්තටම ස්වයං නිරෝධායනය හරියටම කළානේ.මෙි ජනතාව එ් විදියට කරපු නිසා තමයි මේක ඉතාලියක්වත් වුණේ නැත්තේ.එි සම්පූර්ණ ගෞරවය ප්‍රධාන වශයෙන් යන්න ඕන ජනතාවට.ඔබතුමා ඒක පිළිගන්නේ නැද්ද? ප්‍රධාන වශයෙන් ජනතාව නෙමෙයිද?"

අරුන්දික මහතා - 100%ක්, 500%ක්, 1000%ක් ඒක හරි.ජනතාව විසින් ආකල්පමය වෙනසක් ඇති කරගෙන මෙිකට සහය දුන්නා.

එම කතාවෙන් පසු එම වැඩසටහනේම ආශු මාරසිංහ මහතා කළ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වෙයි.

"නාත්තන්ඩිය පොකුර වගේ ඒවා මැඩපැවැත්වපු එක ගැන ගෞරවය අදාළ පාර්ශවලට දෙනවා."

"මම කියන්නේ ජනාධිපතිතුමා හරියට කළා.මම මේ කියන්නේ ජනාධිපතිතුමා හරියට කරන්න කිව්ව දේවල් ගැන තමයි මේ ප්‍රශ්න කරන්නේ.සෞඛ්‍ය ඇමති හරියට කරනවද කියලා"

ආශු මාරසිංහ මහතා කළ ප්‍රකාශයේ එක් කොටසක් පමණක් අලලා අදාළ වෛරී ප්‍රකාශය සකස් කර ඇති බව මේ අනුව නිරීක්ෂණය වෙයි.

Share