ගෝඨාට නාමල් බැන්න කතාවේ ඇත්ත නැත්ත

Staff Writer | Author . Translate to English or தமிழ் 6/17/2020 4:23:00 PM
ගෝඨාට නාමල් බැන්න කතාවේ ඇත්ත නැත්ත

ජනාධිපතිවරයා මහ බැංකු නිලධාරීන්ට දේශපාලන පරිණත බවින් තොරව බැන වදිමින් චෝදනා කිරීම තරයේ හෙළා දකින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උපුටා දක්වමින් සමාජ මාධ්‍යවල පැතිරෙන ට්විටර් පණිවිඩවල කිසිදු සත්‍යතාවක් නැතැයි Medialk.com අප කළ සොයාබැලීමකදී අනාවරණය විය.

එම අසත්‍ය ට්විටර් පණිවිඩය

මෙය අසත්‍ය සටහනක් බව නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

මීට අමතරව මෙය අසත්‍ය ප්‍රචාරයක් බව නාමල් රාජපක්ෂ මහතා ද ට්විටර් හරහා ප්‍රකාශ කර තිබේ.

"#Covid_19 අර්බුදය හමුවේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට ඇප කැපවී සේවය කරන @CBSL නිලධාරීන්ට දේශපාලන පරිණත බවින් තොරව බැන වදිමින් චෝදනා කිරීම තරයේ හෙළා දකින අතර, අප කළ යුත්තේ එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට,සාමූහිකව එක්ව සම්මුතියෙන් තීන්දු තීරණ ගෙන කටයුතු කිරීම බව සිහිපත් කරමි." යනුවෙන් එම අසත්‍ය ට්විටර් පණිවිඩයේ සඳහන් විය.

මෙවැනි සටහනක් පළ කර ඇත්දැයි ඒ මහතාගේ ට්විටර් ගිණුම පරීක්ෂා කිරීමේදී එවන් සටහනක් පළ.කර නැති බව නිරීක්ෂණය විය.

Share