මංගල JVP එකට සල්ලි දුන්න කතාවේ ඇත්ත නැත්ත

Staff Writer | Author . Translate to English or தமிழ் 6/14/2020 12:01:00 PM
මංගල JVP එකට සල්ලි දුන්න කතාවේ ඇත්ත නැත්ත

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා
තම මැතිවරණ කටයුතු වෙනුවෙන් වෙන් කළ මුදල් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා පරිත්‍යාග කරන බවට ඒ මහතාගේ ට්විටර් පණිවිඩයක් උපුටාදක්වමින් සමාජ මාධ්‍යවල පැතිරෙන කටකතා අසත්‍ය බව medialk.com කළ සොයාබැලීමකදී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මංගල සමරවීර මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරක රුවන් ෆර්ඩිනැන්ඩස් මහතා පැවසූවේ එලෙස පැතිරෙන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එලෙස ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ය.

ෆේස්බුක් හරහා පැතිරුණ අසත්‍ය ට්විටර් සටහනේ මෙසේ සඳහන් විය.  

" මාගේ මැතිවරණ කටයුතු සඳහා තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ කටයුතු සඳහා පරිත්‍යාග කරමි..

I will donate my campaign and sponcers to the JVP"

එය සමාජ මාධ්‍යවල පළ වී තිබූ ආකාරය

Ceylon Culture නම් ෆේස්බුක් පිටුවක පළවූ එම ෆේස්බුක් සටහන මේ වන විට 356වතාවක් Share වී තිබේ.

මේ සම්බන්ධයෙන් අප මංගල සමරවීර මහතාගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් ද නිරීක්ෂණය කළ නමුත් එවැනි සටහනක් පළ කර තිබුණේ නැත.

එම ට්විටර් පණිවිඩයේ දිනය ලෙස සටහන් වී තිබෙන්නේ ද ගිය වසරේ අප්‍රේල් 13 වැනිදා ලෙසය (13 APR 19)

එදින පරීක්ෂා කිරීමේදී ඒ මහතා පළ කර තිබුණේ පණිවිඩ 03ක් පමණක් වන අතර ඒ සියලු පණිවිඩ අලුත් අවුරුදු සුබපැතුම් ය.




Share