සරසවි ජූනි 22 සිට විවෘත වෙයි : සිසුන්⁣ට සීමා පනවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/13/2020 11:47:00 AM
සරසවි ජූනි 22 සිට විවෘත වෙයි : සිසුන්⁣ට සීමා පනවයි

විශ්ව විද්‍යාල ජූනි 22 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාාව් සභාපති සම්පත් අමරතුංග මහතා පවසයි.

මෙහිදී ප්‍රමුඛතාවය අවසන් වසර සිසුන්ගේ විභාගය සඳහා බවත්  දිවයිනේ සියලුම විශ්ව විද්‍යාලවල අවසන් වසර සිසුන්ගේ විභාග කටයුතු සඳහා මෙි මස 22 වැනිදා ආරම්භ කරන බවත් ඒ මහතා කීවේය.

අගොස්තු 15 වන විට අවසන් වසරේ සියලුම විභාග අවසන් කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.

විවිධ පීඨ විවිධ අදියර යටතේ 22 වැනිදා සිට ආරම්භ කිරීම සඳහා උපකුලපතිවරුන්ට බලය පවරා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

සියලුම වෛද්‍ය පීඨවල ⁣අවසන් වසර පරීක්ෂණ ජූනි 15 වැනිදා ආරම්භ කරන බව කී ඒ මහතා අනෙක් පීඨ ජ්‍යෙෂ්ඨත්වය අනුව 22 වැනිදා සිට ආරම්භ වන බවද කීවෙිය.

විභාග කටයුතු සඳහා සහභාගි කරගන්නා සිසුන් ගණන සෞඛ්‍ය රෙගුලාසි අනුව සිදුකරන බවද ඒ අමරතුංග මහතා පැවසීය.

නැවත දැනුම් දෙන තුරු නේවාසිකාර කාමරයක සිටිය හැක්කේ එක් අයෙකුට පමණක් වන අතර රාත්‍රී 7.00න් පසු විශ්ව විද්‍යාල පරිශයේ සිටිය නොහැකි බවත් සියලුම සිසුන් රාත්‍රී 7.00 වන විට නේවාසිකාගාරවලට යා යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු විශ්ව විද්‍යාල තුළ හෝ ඉන් පිටත එක්රැස්වීම් සිදු කළ නොහැකි බව ද විනෝදාත්මක හෝ ක්‍රීඩා කටයුතු තහනම් බව ද අමරතුංග මහතා සඳහන් කළේය.

පරිපාලන නිලධාරීන් සඳුදා සිට සේවා ස්ථානවලට පැමිණෙන ලෙස ද ඒ මහතා කීවේය.

කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් විශ්ව විද්‍යාල මාර්තු 13 වැනිදා වසා දැමුණු අතර බොහෝ විශ්ව විද්‍යාල පීඨවල අධ්‍යයන කටයතු අන්තර්ජාලය හරහා සිදු කෙරිණි.

Share