උද්ඝෝෂණය පාලනය කරද්දී පොලිසිය නිරෝධායන නීති කඩලා

Staff Writer | Author . Translate to English or தமிழ் 6/10/2020 5:05:00 PM
උද්ඝෝෂණය පාලනය කරද්දී පොලිසිය නිරෝධායන නීති කඩලා

කොළඹ පැවති උද්ඝෝෂණයේදී පොලිසිය නිරෝධායන නීති කඩ කළැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැමිණිල්ලක් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.

මීටරයක පරතරය තබාගෙන, මුඛ ආවරණ දමාගෙන සහ අත් පිරිසිදු කිරීමට විෂබීජ නාශක දියර භාවිත කරමින් සාමකාමී අයුරින් නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් අනුව උද්ඝෝෂණය⁣ පැවැත්වූ බවත් පොලිසිය මුඛ ආවරණ නොමැතිව මුළු ශරීරයම ආවරණය වන ආරක්ෂක ඇඳුම් නොමැතිව පැමිණි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පොලිසිය පොරකමින්  උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බව පවසන ජයගොඩ මහතා කුඩා ජිප් රියකට විශාල පිරිසක් දමාගෙන ගිය බවද කීවේය.

එමගින් පොලිසිය නිරෝධායන නීති කඩ කළ බවට පරීක්ෂණයක් කරන මෙන් ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළේය.

Share