පොලිසියෙන් උස්සා විසිකළ තරුණිය කොන්දේ ආබාධයක් නිසා රෝහලට

Staff Writer | Author . Translate to English or தமிழ் 6/10/2020 4:35:00 PM
පොලිසියෙන් උස්සා විසිකළ තරුණිය කොන්දේ ආබාධයක් නිසා රෝහලට

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ(09) පැවැත්වූ උද්ඝෝෂණයේදී පොලිසිය විසින් පොලිස් රියකට විසි කරනු ලැබූ තරුණියක අද කොන්දේ ආබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඊයේ කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවති සාමකාමි උද්ඝෝෂණයේදී  පොලිසිය විසින් එහි හිටි තරුණියක අත් සහ කකුල්වලින් ඔසවා පොලිස් රියකට විසි කළේය.

 

Share