විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් රාජපක්ෂත් විමර්ශනයක් ඉල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/10/2020 4:04:00 PM
විරෝධතාකරුවන්ට පහරදීම ගැන නාමල් රාජපක්ෂත් විමර්ශනයක් ඉල්ලයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවයේ දී සිදුවූ පහරදීම තරයේ හෙළා දකින බවත් කඩිනමින් විමර්ශනය කර ඊට නිසි පියවර ගත යුතු බවට ඉල්ලා සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ මෑත කාලයේ හැසිරීම මගින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම කොවිඩ්-19 කාලය තුළ සිදුකළ විශිෂ්ට සේවාවට හානි සිදුවීම කණගාටුදායක බව ද ඒ මහතා කියයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

Share