රාජිත සේනාරත්නට ඇප

Staff Writer | Author . Translate to English or தமிழ் 6/10/2020 10:51:00 AM
රාජිත සේනාරත්නට ඇප

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(10) නියෝග කළේය.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

නඩු විභාගය අතරතුර හිටපු අමාත්‍ය සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

මෙම සිද්ධිය සම්බන්ධයේ විමර්ශන වලින් වැඩි ප්‍රමාණයක් අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.

මීට පෙර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා නීතිපතිවරයාගේ ඉල්ලීමකට අනුව හිටපු අමාත්‍ය රජිත සේනරත්නගේ ඇප ඉල්ලීම වෙනත් අධිකරණයකට මාරු කළේය.

 

Share