කොළඹ දී අත්අඩංගුවට ගත් 53ටම ඇප

Staff Writer | Author . Translate to English or தமிழ் 6/9/2020 9:59:00 PM
කොළඹ දී අත්අඩංගුවට ගත් 53ටම ඇප

වි⁣රෝධතාවක් සංවිධානය කළැයි පොලිසිය අද කොළඹදී අත්අඩංගුවට ගත් 53 දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (09) රාත්‍රීයේ නියෝග කළේය.

කොළඹ ලිප්ටන් වටරවුමේදී නිරෝධායන නීති අනුව සාමකාමී විරෝධතාවයක නිරත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර ගුණරත්නම් ඇතුළු පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහල අසල සිටි නීතිඥ නුවන් බෝපගේ ඇතූළු පිරිසක්ද අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පිරිස අද රාත්‍රී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් පිරිස වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ප්‍රමුඛ නීතිඥවරු 30කට අධික පිරිසක් පෙනී සිටියහ.

දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අත්අඩංගුවට ගත් පිරිස ඇප මත මුදාහැරීමට නියෝග ක⁣ළේය.

Share