ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට ඝානාවට එන්නැයි ආරාධනාවක්

Staff Writer | Author . Translate to English or தமிழ் 6/9/2020 12:02:00 PM
ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට ඝානාවට එන්නැයි ආරාධනාවක්

ඇමෙරිකාවේ සිටිය නොහැකිනම් ඝානාවට පැමිණෙන ලෙස අප්‍රිකා - ඇමෙරිකා ජාතිකයින්ට ආරාධනා කරන බව ඝානාවේ සංචාරක ඇමති බාබරා ඔටෙන්-ගයාසි පවසන්නීය.

"ගෙදර එන්න, ඝානාවේ ජීවිතය ගොඩනඟාගන්න, ඔබව අවශ්‍ය නැති තැනක රැඳී ඉන්න අවශ්‍ය නෑ." යැයි ඇය කීවාය.

මරාදැමුණු ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවති අනුස්මරණයක දී දේශනයක් පවත්වමින් සංචාරක, කලා හා සංස්කෘතික අමාත්‍ය බාබරා ඔටෙන්ග්-ගයාසි මේ බව පැවසූවාය.  

‘ඇමරිකාවේ ජාතිවාදය මාරාන්තික වසංගතයක් දක්වා ව්‍යාප්ත වන’ බව  පැවසූ ඇය කළු ජාතික ඇමෙරිකානුවන්ට අප්‍රිකාවට සංක්‍රමණය වීම ගැන සලකා බලන ලෙස ඉල්ලුවාය.

ගෝලීය අප්‍රිකානු ඩයස්පෝරාවේ සාමාජිකයින් ඝානාවේ නැවත පදිංචි කරවීම සඳහා 'Year of the Return'  නමින් යෝජනා ක්‍රමයක් ඝානා රජය ගිය වසරේදී හඳුන්වා දුන්නේය.

එම ව්‍යාපෘතිය නිසා කළු ජාතිකයන් දහස් ගණනක් එරටට පැමිණි අතර එම අරමුණම සහිත ව මේ වසරේ දී ද ‘Beyond the Return,’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි.

"ෆ්ලොයිඩ්ගේ ඛේදනීය මරණය මේ සමාජ ක්‍රමයේ පවතින වර්ගවාදයට අවසානයක් ගෙන එනු ඇතැයි  බලාපොරොත්තු වෙනවා.අපි අපේ සහෝදර සහෝදරියන්ට මව්රටට එන්න කියා ආරාධනා කරනවා. ඝානාව ඔබේ නිවහනයි. අප්‍රිකාව ඔබේ නිවහනයි. ඔබව සාදරයෙන් පිළිගැනීමට අපි සූදානම්. ’"යැයි ඇය පැවසූවාය

Share