රියදුරු බලපත්‍රයේ ටෙඩන්ඩරය දකුණු අප්‍රිකාවට දීමට එරෙහිව නඩුවක්

Staff Writer | Author . Translate to English or தமிழ் 6/8/2020 6:08:00 PM
රියදුරු බලපත්‍රයේ ටෙඩන්ඩරය දකුණු අප්‍රිකාවට දීමට එරෙහිව නඩුවක්

රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය දකුණු අප්‍රිකාවට ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් 05 දෙනකු ඇතුළු 25 දෙනකු වගඋත්තරකරැවන් කරමින් සිංහලේ සංවිධානය අභියාචනා අධිකරණයේ නඩු පවරා තිබේ.

මීට වසර කිහිපයකට පෙරදී මෝටර් රථ දෙපාර්තමේන්තුව නව රියදුරැ බලපත්‍රයක් හදුන්වාදීමට කටයුතු කළ අතර මෙම රියදුරැ බලපත්‍රය මුද්‍රණය කිරීමේ ටෙන්ඩරය දකුණු අප්‍රිකාවට ලබාදීමෙන් දැවැන්ත වංචාවක් සිදුවන බවත් මේ හරහා ශ්‍රී ලංකාවේ දත්ත වෙනත් රටකට යාම අඛණ්ඩව සිදුව ඇති බවත් මෙම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්මේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව සිංහලේ සංවිධානය මෙසේ සඳහන් කර ඇත.

1 )රියදුරු බලපත්‍ර මෙරට තුළ දරන්නන්ගේ සියලු තොරතුරු දකුණු අප්‍රිකාව සතුව පවතියි.මෙහි දත්ත සදහා දෙපාර්තුමේන්තුවට කිසි සේත් ලගාවිය නොහැකි අතර බලපත්‍ර මුද්‍රණ අංශය වෙත යා හැක්කේත් දෙපාර්තුමෙර්තුවේ කිහිප දෙනෙකුට පමණි .දත්ත සියල්ල අප්‍රිකාව සතුවිමෙන් ජාතික ආරක්ෂාවට බලපෑමක් සිදුවේ.

2) රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා රජය රුපියල් 1700 ක් අය කරන අතර එයින් මෙට්‍රොපොලිටන් දකුණු අප්‍රිකානු සමාගම සදහා රු1340/= ක් ලබාදෙයි. රජයට සියලු මෙහෙයුම් වියදම් සදහා ඉතිරිවන්නේ එක් බලපත්‍රයකින් රුපියල් 360/= ක් වැනි  මුදලකි .

3) ටෙන්ඩරය අනුව මාසිකව මුද්‍රණය සදහා එකගවී ඇති රියදුරු බලපත්‍ර ප්‍රමාණය 20500 කි. එහෙත් මේ වනවිට බලපත්‍ර 92000 කට වඩා මුද්‍රණය කරයි . ඒ සදහා පසුගිය වසරේ ඔක්තෝම්බර්,නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පමණක් කෝටි 35 ක මුදලක් මෙරටින් දකුණු අප්‍රිකාවට ගෙනගොස් ඇත.  
 
4) දත්ත ගබඩා කළ නොහැකිද? හැකිද යන්න තහවුරු කළ නොහැකි වංචා සහගත චිපය.මේ වනතුරු රියදුරු බලපත්‍රයක් ලබාදුන් පසු අළුතින් ඇතුලත් කළ තොරතුරු කිසිවක් මෙම චිපයන් තුළ ඇතුලත්ව නැත. 

5) වංචනික චිපය පරික්ෂාවට මෙරට තුළ යන්ත්‍ර නොමැත, වසර 11 ක් ගතවෙලත් හෑන්ඩ් සෙට් පොලිසියට ලබා දී නොමැත. 

8) රියදුරු බලපත්‍රයක් වසර 10 කට ලබාදුන්නද මාස 6න් දුරවර්ණ වෙයි.

9) බලපත්‍රය බාල නිෂ්පාදනයක් දෙකට මැද්දෙන් කැඩී යන වාර ගණන වැඩිය . 

10) බලපත්‍රයට හානි වූ බවට ලැබෙන පැමිණිලි වැඩි වෙමින් ඇත. 

ඒ අනුව මෝටර් රථ කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි,දෙපාර්තුමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන කොමසාරිස් තුෂාර සුරවීර ,  සහකාර කොමසාරිස් තාක්ෂණික ජේ ඒ එස් ජයවීර,  වැඩබලන කොමසාරිස් උපාලි ජයසේකර,  වර්තමාන මෝටර් රථ කොමසාරිස් සුමිත් අලහකෝන් යන අය ඇතුළු 25 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

Share