ඊයේ මුළු කොරෝනා ගණන 66යි:නාවික හමුදාවේ 31ක් ඒ අතර

Staff Writer | Author . Translate to English or தமிழ் 6/4/2020 7:58:00 AM
ඊයේ මුළු කොරෝනා ගණන 66යි:නාවික හමුදාවේ 31ක් ඒ අතර

ඊයේ(03) කොරෝනා රෝගීන් 66 දෙනකු තහවුරු වූ බවත් මෙරට තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1749 දක්වා ඉහළ ගිය බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඊයේ සුවය ලබා පිටව ගොස් ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 13ක් වන අතර සුවය ලැබූ මුළු ගණන 836කි.

කොරෝනා රෝගීන් 902 දෙනෙක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

ඊයේ කොරෝනා රෝගීන් හමුවූ ආකාරය

  1. බංග්ලාදේශයේ සිට පැමිණි 14 දෙනෙක් (දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය)
  2. කටාර් සිට පැමිණි 19 දෙනෙක් (අම්පාර නිරෝධායන මධ්‍යස්ථානය)
  3. කුවේට් සිට පැමිණි දෙදෙනෙක් 
    (මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානය - 01, ත්‍රිකුණාමලය නිරෝධායනය මධ්‍යස්ථානය - 01)
  4. නාවික හමුදා සමාජිකයින් 31 දෙනෙක්  (මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානය - 19, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය - 04, මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානය - 04, අනෙක් රෝගින් 4 දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටින අය)
Share