මැතිවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය සඳුදා

Staff Writer | Author . Translate to English or தமிழ் 6/3/2020 4:22:00 PM
මැතිවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය සඳුදා

මහමැතිවරණය පැවැත්වෙන දිනය සදුදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එදින පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී ඒ බව තීරණය කරන බවත් මනාප අංක ලබාදීම පිළිබද තීරණයත් එදින ගන්නා බවත් ඔහු පැවසීය.

මැතිවරණය පැවැත්වීම සදහා වන මාර්ගෝපදේශ වි‌ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු කණ්ඩායම අද (03) ලබාදුන් බව ද ඒ මහතා කීය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරත් නැවත සාකච්ඡාවක් සිදු කරන බව දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

අදත් කොමිෂන් සභාව රැස්වී සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඡන්දය පැවැත්වෙන ආකාරය ගැනත් සාකච්ඡා කළ බවත් එ මහතා සඳහන් කළේය.

මෙවර මැතිවරණයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක නිලධාරියකු අනුයුක්ත කරන බවත් එය මීට පෙර නොකළ දෙයක් බවත් ඔහු අවධාරණය කළේය.

Share