පිටරට සිට පැමිණි 81කට කොරෝනා

Staff Writer | Author . Translate to English or தமிழ் 5/27/2020 8:54:00 PM
පිටරට සිට පැමිණි 81කට කොරෝනා

Update : 8.50 PM

මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ තවත් කොරෝනා රෝගීන් 28 දෙනකු තහවුරු වීමත් සමගය.

ඔවුන් 28 දෙනාම විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව අද (27) තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 134ක් වන අතර ඉන් 81 දෙනෙක්ම විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වෙති.

Update : 8.40 PM

තවත් කොරෝනා රෝගීන් 53 දෙනකු තහවුරු වී ඇති අතර ඔවුන් සියලු දෙනාම කුවේට් සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරට තහවුරු වූ කොරෝනා ආසාදිතයන් ගණන 1425 දක්වා ඉහළ ගොස් තිබේ.

Update : 7.45 PM

අද(27) මේ වන තෙක් තහවුරු වූ කොරෝනා රෝගීන් 53දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  පවසයි.

ඉන් 51 දෙනෙක් යාපනය නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අය වෙති.

ඒ අනුව මෙරට තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1371ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 732 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 629කි.

Share