අද තහවුරු කෙරුණු ආසාදිතයන් ගණන 135 දක්වා ඉහළට

Staff Writer | Author . Translate to English or தமிழ் 5/26/2020 10:21:00 PM
අද තහවුරු කෙරුණු ආසාදිතයන් ගණන 135 දක්වා ඉහළට

Update : 10.20 PM

අද(26) තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 135 දක්වා ඉහළ ගොස් තිබේ.එය මෙතෙක් ශ්‍රී ලංකාවේ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි.

මින් 127 දෙනකුම කුවේට් සිට පැමිණ මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1317 දක්වා ඉහළ ගොස් ඇත.

Update : 8.00 PM

ශ්‍රී ලංකාවේ දිනකදී තහවුරු වූ වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව වාර්තා කරමින් අද (26) කොරෝනා ආසාදිතයන් 96 දෙනකු වාර්තා වූ අතර ඉන් 88 දෙනෙක්ම කුවේට් සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි

ඔවුන් 88 දෙනා මින්නේරිය සහ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි අය බව සඳහන් වෙයි.

අනෙක් ආසාදිතයන් 08 දෙනා නාවික හමුදා සාමාජිකයන් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට පෙර දිනකදී වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ අප්‍රේල් 27 වැනිදා වන අතර එදින 65 දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු කෙරිණි.

Update : 6.40 PM

‍අද(26) මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 24 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 19 දෙනකු කුවේට් සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අනෙක් 5 දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සමාජිකයන් බවද එම දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1206ක් වන අතර ඉන් 712 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

මේ වන විට කොරෝනා රෝගීහු 484 දෙනෙක් රෝහල්ගත කර සිටිති.කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් ගණන 633කි.

Share