අවසන් වසර සිසුන් සඳහා වෛද්‍ය පීඨ ජූනි 15 විවෘත කරයි 

Staff Writer | Author . Translate to English or தமிழ் 5/26/2020 4:40:00 PM
අවසන් වසර සිසුන් සඳහා වෛද්‍ය පීඨ ජූනි 15 විවෘත කරයි 

සියලුම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ අවසන් වසරේ සිසුන් සඳහා ජූනි 15 වැනිදා සිට විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

සියලුම විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුන්ගේ විභාගය පැවැත්විම සඳහා ජූනි 15 වැනිදා සිට එම පීඨ විවෘත කිරිමට කටයුතු කරන බව ඒ මහතා කීය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ විශ්ව විද්‍යාල කොමිසම අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව දැඩි සෞඛ්‍ය නිතීන් අනුගමනය කරමින් විශ්ව විද්‍යාල කටයුතු ආරම්භ කිරීම සඳහා තීරණය වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

අවසන් වසරේ වෛද්‍ය සිසුන් සඳහා පමණක් නේවාසිකාර පහසුකම් සැපයෙන අතර එක් වෛද්‍ය සිසුවෙකුට එක් කාමරය බැඟින් ලබා දීමට නියමිත බවත් ඔවුන් සති දෙකක නිරෝධායනය කාල සීමාවකට යොමු කෙරෙන බවත් සභාපතිවරයා පැවසීය.

වෛද්‍ය පීඨවල අනුගමනය කරන වැඩපිළිවෙලේ සාර්ථකත්වය මත අනිකුත් පීඨවල අවසන් වසරවල අධ්‍යයන කටයුතු ඉදිරියේ දී අදියරෙන් අදියරට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල යළි ආරම්භ කිරිම  සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Share