සමාජ මාධ්‍යවල පැතිරෙන උසස් පෙළ කාලසටහන බොරු - විභාග කොමසාරිස්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/26/2020 7:21:00 AM
සමාජ මාධ්‍යවල පැතිරෙන උසස් පෙළ කාලසටහන බොරු - විභාග කොමසාරිස්

සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වන 2020 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රජාව ප්‍රමුඛ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශීව බවත් ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කණගාටුදායක බවත් විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවද සඳහන් වෙයි.

Share