ඕස්ට්‍රේලියාව මගී නැව් තහනම මාස තුනකට දීර්ඝ කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/22/2020 1:46:00 PM
ඕස්ට්‍රේලියාව මගී නැව් තහනම මාස තුනකට දීර්ඝ කරයි

මගී නැව් සඳහා පනවා ඇති තහනම තවත් මාස තුනකට දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියාවේ රජය තීරණය කර තිබේ.

සැප්තැම්බර් 17 වැනිදා දක්වා මෙම තහනම පැනවෙනු ඇත.

ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය පැවසුවේ මගීන් 100 කට වැඩි සංඛ්‍යාවක් රැගෙන යා හැකි ඕනෑම නෞකාවක් රට තුළ යාත්‍රා කිරීම තහනම් බවයි.

මගී නැව්වල කොරෝනා වෛරසය දැඩි ලෙස පැතිරීම හේතුවෙන් මාර්තු 27 වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක කෙරිණි.

අල්ජසීරා ඇසුරෙන් 

Cover Photo : The economist 

Share