මැතිවරණය ජූනි 20 පැවැත්විය නොහැකි බව කොමිසම දැනුම්දෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/20/2020 1:37:00 PM
මැතිවරණය ජූනි 20 පැවැත්විය නොහැකි බව කොමිසම දැනුම්දෙයි

මහ මැතිවරණය ජුනි 20 වැනි දා පැවැත්විය නොහැකියැයි මැතිවරණ කොමිසමට හැඟෙන බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව විසිරුවාහැරීම සහ මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (20) තෙවැනි දිනටත් ආරම්භ වූ අවස්ථාවේදීය. 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ පෙත්සම සලකා බැලෙයි. 

Share