කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1000 ඉක්මවයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/19/2020 6:51:00 PM
 කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1020 දක්වා ඉහළ ගොස් ඇැතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද (19) කොරෝනා රෝගීන් 28 දෙනකු වාර්තා වී ඇති බවත් ඔවුන් සියලු දෙනාම නාවික හමුදා සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඉන් රෝගීන් 569ක් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර 09 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තවත් කොරෝනා රෝගීන් 442 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

මෙරට තහවුරු වූ  කොරෝනා රෝගීන්ගෙන් 578 දෙනෙක් නාවික හමුදා සාමාජිකයෝය.

Share