සීෂෙල්ස් රාජ්‍යය 2022 තෙක් මගී නැව් සංචාර තහනම් කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/19/2020 11:22:00 AM
සීෂෙල්ස් රාජ්‍යය 2022 තෙක් මගී නැව් සංචාර තහනම් කරයි

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස 2021 අවසන් වන තෙක් සියළුම සුඛෝපභෝගී මගී නැව් සංචාර තහනම් කිරීමට සීෂෙල්ස් රාජ්‍යය තීරණය කර තිබේ.

සීෂෙල්ස් නේෂන් පුවත්පත වාර්තා කරන්නේ රටේ සංචාරක, සිවිල් ගුවන් සේවා, වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ඩිඩියර් ඩොග්ලි මහතා මෙම තීරණය ගත් බවයි.

ලෝක බැංකුවට අනුව මතස්‍ය කර්මාන්තයෙන් පසු සීෂෙල්ස් හි දෙවන විශාලතම කර්මාන්තය සංචාරක ව්‍යාපාරයයි.

කෙසේ වෙතත් ගුවන් ගමන් හරහා මගීන්ට රට තුළට පැමිණීමට ඉඩ ලබා දෙනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.

සුඛෝපභෝගී මගී නැව් සංචාර තහනම් වීමෙන් එරට ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වනු ඇතැයි පැවසේ.

මෙම තීරණයෙන් බලපෑමට ලක්වන හෝටල්, නිවාඩු නිකේතන, සංචාරක ක්‍රියාකරුවන් සහ වෙනත් ව්‍යාපාරවලට සහන සැපයීම සඳහා ඩොග්ලි විසින් ප්‍රතිලාභ කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇතැයි සීඑන්එන් වාර්තා කරයි.

Cover Photo : Getty Images

Share