පාර්ලිමේන්තුවේ පැවැත්ම ආරක්ෂා කර දෙන්නැයි ⁣ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/18/2020 7:25:00 PM
පාර්ලිමේන්තුවේ පැවැත්ම ආරක්ෂා කර දෙන්නැයි ⁣ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

දැන් අගුළු දමා හමුදා ආරක්ෂාව යටතේ තිබෙන පාර්ලිමේන්තුවේ පැවැත්ම ආරක්ෂා කරන දෙන ලෙස ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙලෙස ඉල්ලා සිටියේ  මහ මැතිවරණය සම්බන්ධ පෙත්සම් 08ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය.

නීතිපතිවරයා වෙනුවෙන් සහ සමහර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා ද සිල්වා මහත්මිය සහ ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා  මූලික විරෝධතා කිහිපයක් මතු කළහ.

පෙත්සම්කාර චරිත ගුණරත්න මහතා වෙනුවෙන් සුමන්තිරන් මහතා සිය කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.පාර්ලිමේන්තුව යනු කුමක්ද සහ එහි තේරුම කුමක්ද යන්න පැහැදිලි කරමින් ඔහු කරුණු ඉදිරිපත් කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අපගේ නීතියේ කොටසක් බව සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේය..ව්‍යවස්ථාදායකය “අඛණ්ඩ ආයතනයක්” බව සුමන්තිරන් මහතා  තවදුරටත් ඉදිරිපත් කළ අතර බ්ලැක්ස්ටන්ගේ එංගලන්ත නීතිය සහ ඉන්දියානු ව්‍යවස්ථාව උපුටා දක්වමින්  මේ බව කීය.

“පාර්ලිමේන්තුව කිසි විටෙකත් නවතා දමන්න බෑ.ඔබට කිසි විටෙකත් පාර්ලිමේන්තුව මකා දමන්න හෝ විනාශ කරන්න බෑ.විසුරුවා හැරීමේදී එය Sleep Mode එකකට යාම පමණක් සිදුවනවා" යැයි ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන්නේ නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා පමණක් බවත් කාලයට අනුව මැතිවරණ පැවත්වීම තරම්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් ද වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.

රටක පාර්ලිමේන්තුවක් නොමැතිනම් ප්‍රජාතන්ත්‍රවායක්ද නොමැති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

2018 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යළිත් අවධාරණය කරමින් සුමන්තිරන් මහතා පැවසූවේ ජනාධිපතිවරයාට අසීමිත හෝ පූර්ණ බලයක් නොමැති බවයි.

ජනාධිපතිවරයාගේ බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් කොට සීමා කර ඇති බව විනිසුරුවරුන් හත් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශ කළ බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාට විසුරුවා හැරීමේ බලය කොන්දේසි සහිත බවත් 70 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි නිසි කාලයට පෙර මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය සීමාවන් සහිතව ලැබී ඇතැයි ඔහු පැවසීය.

70(5) වගන්තිය අනුව විසුරුවා හැරීමේ ප්‍රකාශය මැතිවරණ දිනය සහ නව පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය නිශ්චිතව දක්වා නොමැති නම් එම ප්‍රකාශය මුල සිටම අවලංගු බව සුමන්තිරන් මහතා කීවේය. 

අප්‍රේල් 25 වැනිදාත් මැයි 14 වැනිදාත්  පසු වී ඇති නමුත් නව පාර්ලිමේන්තුවක් නොමැති බවත් එබැවින් විසුරුවා හැරීමේ ප්‍රකාශය දැන් අවලංගු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ මුල සිටම බලරහිත සහ අවලංගු වීම අතර වෙනස අදාල නොවන බවත් එම ප්‍රකාශය දැන් වැරදිසහගත බැවින් එය අවලංගු බවත් ය.

පාර්ලිමේන්තුවට නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණයක් නොපවත්වමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවට ඔහු තර්ක කළේය.

70 වන වගන්තියේ දක්වා ඇති ජනාධිපතිවරයාගේ බලය “ජනතාව කෙරෙහි විශ්වාසය තබා” ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව එක් රජයේ නිවාඩු දිනයක නාමයෝජනා භාර නොගැනීම සහ තවත් රජයේ නිවාඩු දින තුනක නාමයෝජනා භාර ගැනීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපාන නොගැලපෙන ක්‍රියාවක් බව ජනාධිපති නීතිඥ සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ නිවාඩු දිනයක නීතියේ නියම කර ඇති ක්‍රියාවන් කිහිපයක් සිදු කර ඇති බවත් එම ක්‍රියාවල වලංගුභාවය ප්‍රශ්න කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

ව්‍යවස්ථාව නොසලකා හරිමින් මැතිවරණ කොමිෂන් සභාව ජුනි 20 වන දින මැතිවරණය නියම කර ඇති බව ඔහු තර්ක කළේය.මෙය මැතිවරණ කොමිෂන් සභාව සහ විධායක ජනාධිපතිවරයා විසින් ජනතාවට කරන විහිළුවක් නොවේද යන්න ඔහු ප්‍රශ්න කළේය.

"ඡන්ද බලය වැදගත්.නමුත් එය පුරවැසියන්ගේ ඡන්ද බලයයි. එබැවින් ඡන්ද බලයට වඩා පුරවැසියන් වැදගත්.ඔබ ජීවත්ව සිටින තාක් කල් ඔබට ඔබේ ඡන්ද බලය භුක්ති විඳිය හැකිය." ඔහු පැවසීය.ඉක්මන් මැතිවරණයක් කැඳවීම දේශපාලන තීරණයක් බව ද ඒ මහතා කීය.

සුමන්තිරාන් මහතා The Economist සඟරාවේ ලිපියක් ඉදිරිපත් කළ අතර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඟරාවක ලිපියක් ගැන විශ්වසනීයබාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ මීට දින කිහිපයකට පෙර සඟරාවක් ශ්‍රී ලංකාව ඊලාම් ලෙස හැඳින්වූ බව සඳහන් කරමිනි.

වර්තමාන වසංගත තත්ත්වය යටතේ මැතිවරණ පැවැත්වීමේ අභියෝග සුමන්තිරන් මහතා පෙන්වා දුන් අතර ඔහු තවදුරටත් කියා සිටියේ මැතිවරණ පැවැත්විය යුතු නමුත් වර්තමාන වසංගත තත්වයන් යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් නීති පැනවිය යුතු බවයි.

එම වෙනස්කම් සිදුකිරීමට බලය ඇති ආයතන විසින් වෙනස්කම් සිදු කළ යුතු බවත් නීති සම්පාදනය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ව්‍යවස්ථාදායකය විසින් කළ යුතුව ඇති දේ විධායකය විසින් නොව ව්‍යවස්ථාදායකය මගින් කළ යුතු බවත් එය ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් මගින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙන් නොවිය යුතු බවත් සුමන්තිරන් මහතා පැවසීය. 

මෙම ගැටළුවෙන් මිදීමට ජනාධිපතිවරයාට ක්‍රම කිහිපයක් තිබූ නමුත් ඔහු එය භාවිතා නොකළ බවත් දැන් අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය සතු බවත් ඔහු කීවෙිය.

වත්මන් කොන්දේසි යටතේ මැතිවරණ පැවැත්වීම සඳහා නව නීති අවශ්‍ය බව ඔහු නැවත අවධාරණය ක⁣ළේය.

තම පක්ෂය හෝ ඔහුගේ දේශපාලනය නොව ජනතාවගේ යහපත උදෙසා ජනතාව කෙරෙහි විශ්වාසය තැබීමට ජනාධිපතිවරයා සිය බලය දැරිය යුතු බවත් එම බලය ජනතාවගේ යහපත උදෙසා ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවසීය.

"වෙනස් වූ තත්වයන්ට වෙනස්  ක්‍රම අවශ්‍ය වන නමුත් ඒවා නිසි ලෙස ප්‍රකාශයට පත් කළ යුතුයි." යැයි ඒ මහකා කීවේය.

නීතිය යටතේ විවිධ බැඳීම් ඉටු කළ නොහැකි බැවින් ජුනි 20 වැනිදා මැතිවරණය නොපැවැත්වෙනු ඇති බැවින් අතුරු සහන ඉල්ලා සිටීම තමාට අවශ්‍ය නොවන බව සුමන්තිරන් මහතා අවධාරණය කළේය.

සමහර ප්‍රදේශවල මිනිසුන් ඇවිදීමට යන අතරම සමහර ප්‍රදේශවල මිනිසුන් අත්අඩංගුවට ගන්නා බවත් එයට හේතුව ඇඳිරි නීතිය නීතියේ ආධිපත්‍යයට අනුකූලව ක්‍රියාත්මක නොවීම නිසා බවත් පෙන්වා දෙන සුමන්තිරන් මහතා පවසන්නේ අරාජිකත්වයක සිදුවන්නේ මෙය බවයි.

සුමන්තිරන් මහතා සිය ප්‍රකාශ ඉදිරිපත් කිරීම් අවසන් කළ අතර අනෙකුත් පෙත්සම්කරුවන් සිය ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිතය. 

අධිකරණය හෙට(18) දක්වා කල් තැබිණි.

Share