මැතිවරණ කොමිසම නීතිවේදීන් හයර් කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/13/2020 2:09:00 PM
මැතිවරණ කොමිසම නීතිවේදීන් හයර් කරයි

ජුනි 20 දා මහ මැතිවරණය පැවැත්වීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර ඇති පෙත්සම් විභාගය සදහා පෞද්ගලිකව නීතිවේදීන් යෙදවීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ.

කොමිසම මේ තීන්දුව ගෙන ඇත්තේ ඊයේ පැවති කොමිසමේ රැස්වීමේදී ය. සදුදා (11) මෙම පෙත්සම් විභාගය පිළිබද සලකාබැලීමේ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබුණේ මැතිවරණ කොමිසම වෙනුවෙන් සිය දෙපාර්තමේන්තුව නියෝජනය කරන රජයේ නීතිවේදීන් පෙනී නොසිටින බවයි. මේ නිසා කොමිසම අදාළ තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය රත්නජීවන් හූල් පවසන්නේ තමන් දැනටමත් පෞද්ගලික නීතිවේදීන් පිළිබද අවසන් තීන්දුව ගෙන ඇති බවයි. එහෙත් කොමිසමේ අනෙක් සාමාජිකයන් දෙදෙනා මෙතෙක් නිශ්චිතව තමන් සහාය ලබාගන්නා පෞද්ගලික නීතිවේදීන් පිළිබද කිසිදු අදහසක් පළ කර නැත.

Share