රිය අනතුරක් සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකට ඇප

Staff Writer | Author . Translate to English or தமிழ் 5/11/2020 4:10:00 PM
රිය අනතුරක් සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකට ඇප

නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයේ දී සිදුවූ රියඅනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇප මත මුදා හැර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රාජකාරියක් සඳහා යමින් සිටිය දී බව පොලිසිය කියයි.

පොලිස් වාහනය හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර  අනතුරෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහල බව නිකවැරටිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසයි. 

Share