මහ මැතිවරණය ගැන පෙත්සම් 18 සහ 19 සකලා බලයි ; මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපති නෑ

Staff Writer | Author . Translate to English or தமிழ் 5/11/2020 12:50:00 PM
මහ මැතිවරණය ගැන පෙත්සම්  18 සහ 19 සකලා බලයි ; මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපති නෑ

මහ මැතිවරණය ජුනි 20 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන සඳුදා (18) සහ අඟහරුවාදා (19) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

නීතීඥ චරිත ගුණරත්න, සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් කිහිපයක් ද අද ඉදිරිපත් වී තිබිණි.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාව සහ එහි සාමාජිකයෝ ද, නීතිපති ද නම්කරනු ලැබ සිටිති.

අද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ මැතිවරණ කොමිෂන් සභාව හෝ එහි සාමාජිකයන් වෙනුවෙන් තමා පෙනී නොසිටින බවයි. 

කරුණු සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු එස් තුරෙයිරාජා සහ විනිසුරු මෘදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු පෙත්සම් 18 වැනි දා සහ 19 වැනි දා සලකා බැලීමට තීන්දු කළහ.

Share