මනාප අංක දීම ගැන තීරණය හෙට?

Staff Writer | Author . Translate to English or தமிழ் 5/11/2020 12:02:00 PM
මනාප අංක දීම ගැන තීරණය හෙට?

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය තීරණ ගැනීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමට නියමිත බව ආරංචිමාර්ග කියයි.

මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට මනාප අංක ලබාදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් වන අවසාන තීරණය ද මෙම රැස්වීමේදී ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ. 

මේ අතර පක්ෂ නායකවරුන්ගේ විශේෂ රැස්වීමක් ද හෙට පස්වරුවේ කොමිෂන් සභාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

අද (11) දිනයේදී, මැතිවරණය ජුනි 20 වැනිදා පැවැත්වීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීමට නියමිතය.

Share