Live 🔴 : තවත් ආසාදිතයෝ 18ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/8/2020 6:55:00 AM
Live 🔴 : තවත් ආසාදිතයෝ 18ක්

Update : 6.40 AM

තවත් එක් රෝගියකු කොරෝනා ආසාදිත බවට ඊයේ (07) තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය අද(08) උදෑසන පැවසීය.

මේ සමග ඊයේ තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් තිබේ.

Update : 12.20 AM

තවත් රෝගීන් 18 දෙනකු කොරෝනා ආසාදිත බවට තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මුළු කොරෝනා ආසාදිතයන් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (07) තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 26කි.

Update : 10.50 PM

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 805 දක්වා ඉහළ ගොස් ඇත.

Update : 5.20 PM

තවත් ආසාදිතයන් 07 දෙනකු තහවුරු විමෙන් පසු ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 804 දක්වා වැඩි වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙරට තහවුරු කෙරුණු රෝගින්ගෙන් රෝගීන් 232 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ වන විට කොරෝනා රෝගීන් 563 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Update : 1.00 PM

තවත් කොරෝනා රෝගීන් 17 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව සුවය ලබා පිටව ගිය කොරෝනා ආසාදිතයන් ගණන 232 දක්වා ඉහළ ගොස් ඇත.  

Share