රාජගිරියෙන් - මෝ්දරින් ආසාදිතයෝ 2ක් ; 56ක් නිරෝධායනයට

Staff Writer | Author . Translate to English or தமிழ் 5/5/2020 2:15:00 PM
රාජගිරියෙන් - මෝ්දරින් ආසාදිතයෝ 2ක් ; 56ක් නිරෝධායනයට

රාජගිරිය ප්‍රදේශයෙන් සහ මෝදර ප්‍රදේශයෙන් ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමඟ පුද්ගලයන් 56 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ බව කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ආරංචිමාර්ග කියයි.

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ ඔහු ළඟින් ඇසුරු කළ බව කියන 29 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කර තිබේ.

මෝදර ප්‍රදේශයේ පුද්ගලයකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු ඔහු ඇසුරු කළ 27 දෙනකු නිරෝධායනය සඳහා යොමු කළ බව කොරෝනා මර්දනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. 

මේ දෙදෙනාට කොරෝනා ආසාදනය වූ ආකාරය ගැන මෙතෙක් තහවුරු වී නැතැයි සෞඛ්‍ය අංශ කියයි.

Share