Live 🔴 : තවත් ආසාදිතයෝ හය දෙනෙක්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/5/2020 11:47:00 PM
Live 🔴 : තවත් ආසාදිතයෝ හය දෙනෙක්
 
 

Red - Infected | Green - Cured | Black - Deaths


Update : 11.30 PM

තවත් කොරෝනා ආසාදිතයන් හය දෙනකු තහවුරු වීමත් සමග මෙරට හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 771 දක්වා ඉහළ ගොස් තිබේ.

අද (05) මෙතෙක් තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20කි.

Update : 10.30 PM

තවත් රෝගීන් තිදෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.ඒ අනුව අද(05) තහවුරු වූ කොරෝනා ආසාදිතයන් ගණන 14කි.

මෙරට තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 765 දක්වා ඉහළ ගොස් තිබෙි.

ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 543ක් වන අතර සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගණන 213ක් වේ.කොරෝනා රෝගීහු නවදෙනකු ජීවිතක්ෂයට පත් වූහ.

Update : 8.30 PM

තවත් කොරෝනා ආසාදිතයන් දෙදනකු තහවුරු වීමත් සමග මෙරට හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 762 දක්වා ඉහළ ගොස් තිබේ.

අද(05) මේ දක්වා තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 11කි.

Update : 7.30 PM

කොරෝනා රෝගීන්ගෙන් තවත් 16 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුව වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

Update : 7.00 PM

ශ්‍රී ලංකාවේ තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා රෝගීන් පස් දෙනකු තහවුරු වීමත් සමගය.ඒ අනුව අද(05) දිනයේ මේ වන තෙක් තහවුරු වූ කොරෝනා ආසාදිතයන් ගණන 09කි.

අද තහවුරු කෙරුණු රෝගීන්ගෙන් පස් දෙනකු කොලොන්නාව,කොළඹ 15 හා රාජගිරිය යන ප්‍රදේශවලින් සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමුවී ඇති අතර හතර දෙනෙක් නාවික හමුදාවේ සාමාජිකයෝ වෙති. 

සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 197කි.

Update : 8.45 AM

තවත් කොරෝනා ආසාදිත රෝගීන් සිව් දෙනකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 755 දක්වා ඉහළ යයි.

Share