විරෝධය හමුවේ මුල් තීන්දුව හකුලා ගනියි : සංක්‍රමණික සේවකයන්ට දුම්රිය ගාස්තු ඉන්දියා රජයෙන්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/5/2020 12:08:00 AM
විරෝධය හමුවේ මුල් තීන්දුව හකුලා ගනියි : සංක්‍රමණික සේවකයන්ට දුම්රිය ගාස්තු ඉන්දියා රජයෙන්

අතරමං වූ ඉන්දීය සංක්‍රමණික සේවකයන්, සිසුන් සහ සංචාරකයින්ට ආපසු නිවෙස් බලා යාමට ප්‍රවාහනය සැපයීම සඳහා වැයවන දුම්රිය ගාස්තු රජය විසින් පියවන බවට ඉන්දීය රජය නිවේදනය කළේය.

නමුත් මීට පෙර එරට රජය තීරණය කර තිබුණේ සංක්‍රමණික සේවකයන්ගෙන් එම මුදල් අය කරගැනීමට බවත් ඊට එරෙහිව පැන නැගුණු දැඩි විරෝධය හමුවේ මෙලෙස එම තීරණය වෙනස් කරගෙන ඇති බවත් සීඑන්එන් පුවත් සේවය පවසයි.

සංක්‍රමණික කම්කරුවන්ගෙන් ගාස්තු අය කරන ලෙස ප්‍රාන්ත රජයන් වෙත දැනුම් දෙමින් එර⁣ට දුම්රිය අමාත්‍යාංශය විසින් මීට පෙර නිල නියෝගයක් නිකුත් කර තිබිණි.

“කිසිදු කම්කරුවෙකුගෙන් මුදල් අය කිරීම පිළිබඳව ඉන්දීය රජය හෝ දුම්රිය අමාත්‍යාංශය සාකච්ඡා කරලා නැහැ. ගාස්තු වලින් සියයට අසූ පහක් මධ්‍යම රජය විසින් ද සියයට 15 ක් ප්‍රාන්ත රජය විසින් ද දරනවා ” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලව් අගර්වාල් පැවසීය.

"මගීන්ට ප්‍රවේශ පත්‍ර භාර දී ටිකට් ගාස්තු එකතු කර මුළු මුදලම දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දිය යුතුය." යනුවෙන් මීට පෙර නියෝගයේ සඳහන් විය.

සංක්‍රමණික කම්කරුවන්ට වෙනස් ලෙස සැලකීම සම්බන්ධයෙන් එර⁣ට විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ සභාපති රජයට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.

සංක්‍රමණික සේවකයන්ට නිවෙස් බලා යාමට ගිය දුම්රිය ප්‍රවේශ පත්‍ර වියදම මෙලෙස ඔවුන්ගෙන් අය කිරීමට හේතු විමසමින් සෝනියා ගාන්ධි ට්විටර් පණිවුඩයක් හරහා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.

CNN ඇසුරෙන් 

Cover Photo : AFP

Share