ජපානය හදිසි තත්ත්වය මැයි 31 දක්වා දීර්ඝ කරයි

Staff Writer | Author . Translate to English or தமிழ் 5/4/2020 9:22:00 PM
ජපානය හදිසි තත්ත්වය මැයි 31 දක්වා දීර්ඝ කරයි

ජපානයට පනවා ඇති හදිසි තත්ත්වය මැයි 31 දක්වා දීර්ඝ කරන බව අගමැති ෂින්සෝ අබේ පවසයි.

කොරෝනා වයිරසය සහිත ජීවිතයකට රට සූදානම් විය යුතු බව ද ඔහු අද (04) පැවති කාර්ය සාධක බලකා රැස්වීමකදී පැවසීය.

ටෝකියෝ සහ ඔසාකා ඇතුළු ඉහළ ආසාදන අනුපාතයක් ඇති සමහර ප්‍රාන්තවල වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සමාජ සම්බන්ධතා 80% කින් අඩු කිරීමට කටයුතු කරනු ඇත. 

සුදුසු සමාජ දුරස්ථ පියවරයන් සමඟ සෙසු ප්‍රාන්තවල අවන්හල් සහ සංස්කෘතික ස්ථාන වැනි කුඩා ව්‍යාපාර විවෘත කිරීම සඳහා සීමාවන් ලිහිල් කිරීමට නියමිත බව පැවසේ

"වර්තමාන දැඩි සීමාවන් දිගටම පැවතුනහොත් අපගේ ජීවන රටාව හා ආර්ථිකය පවත්වා ගැනීමට අපට නොහැකි වනු ඇත. කොරෝනා වෛරසය සහිත ජීවිතයක් සඳහා අප පියවරක් තැබිය යුතුයි, ”අබේ පැවසීය.

මෙම හදිසි තත්ත්වය මැයි 31ට පෙර ඉවත් කළ හැකිදැයි බැලීමට මැයි 14 වැනිදා ආසාදන තත්ත්වය සමාලෝචනය කරන බව අබේ කීය.

නීති උල්ලංඝණය කරන්නන්ට දඬුවම් හෝ දඩ නියම කෙරෙන ආකාරයෙන් ලොක්ඩවුන් සීමාවන් පැනවිය නොහැකි වුවද ජපානයේ හදිසි තත්ත්වය තුළ ව්‍යාපාර වසා දමන ලෙස සහ වැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස ඉල්ලා සිටීම⁣ට පළාත් ආණ්ඩුකාරවරුන්ට බලය හිමි වේ.

CNN ඇසුරෙන් 

Share