Live 🔴 : තවත් ආසාදිතයෝ 10ක්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/3/2020 11:22:00 PM
Live 🔴 : තවත් ආසාදිතයෝ 10ක්

Update : 11.20PM

තවත්.10 දෙනකු.කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග මෙරට තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 

ඒ අනුව අද(03) තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 13කි.

කොරෝනා ආසාදිතයන්ගෙන් 184 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වි ඇත.  තවත් ආසාදිතයෝ 527 දෙනෙක් ප්‍රතිකාර ලබති.

Update : 9.00PM
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ තවත් රෝගියකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වීමෙන් අනතුරුව ය. 

Update : 6.50PM

සුව වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව යාමෙන් අනතුරුවය.
 

Update : 6.50PM

 
තවත් එක් ආසාදිතයකු තහවුරු වීමත් සමග මෙරට තහවුරු වූ කොරෝනා ආසාදිතයන් ගණන 707 දක්වා ඉහළ ගොස් ඇත. 

Update : 4.00PM

 
ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ තවත් කොරෝනා ආසාදිතයකු තහවුරු වීමෙන් අනතුරුවය.

Update : 12.00PM

 
තවත් 10දෙනකු සුවය ලබා පිටව යාමෙන් පසු මෙරට සම්පූර්ණ සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 182 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.


Share