රුසියා අගමැතිටත් කොරෝනා ; ජනපති පුටින්ගෙන් අගමැතිට පොරොන්දුවක්

Staff Writer | Author . Translate to English or தமிழ் 5/1/2020 10:10:00 AM
රුසියා අගමැතිටත් කොරෝනා ; ජනපති පුටින්ගෙන් අගමැතිට පොරොන්දුවක්

රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින්ට කොවිඩ්-19 වෛරසය ආසාදිත වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 

ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ ජාතික රූපවාහිනියේ සජීවීව සිදුකෙරුණ වීඩියෝ ඇමතුමක් අතරතුර මෙම පුවත ප්‍රකාශයට පත් කරන ලදී.

පළමු නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලූසොව්, මිෂුස්ටින්ගේ සුවය ලබන තෙක් රජයේ වැඩ බලන ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.

ජනවාරි මාසයේ දී හිටපු අගමැති දිමිත්‍රි මෙඩ්විඩෙව් වෙනුවට අගමැති ධුරයට පත්වූයේ මිෂුස්ටින්ය. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පසුව ⁣කොරෝනා වැළඳුණු බවට තහවුරු වූ ඉහළ පෙළේ ලෝක නායකයා මොහු වේ.

"මා හට වෛරසය වැළඳී ඇති බවට කොරෝනා වෛරසය සඳහා සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වුණා" යැයි මිෂුස්ටින් ජනාධිපති පූටින්ට පැවසීය.  

''වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අනුකූල වෙමින් මගේ සගයන් ආරක්ෂා කිරීම සඳහා මා ස්වයං නිරෝධායනය වෙනවා" ඔහු කීය.

"ඔබට සිදුවූ දේ ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්," පුටින් පිළිතුරු දුන්නේය. 
"ඔබ වෛරසය සමගින් පොර බදිමින් ඉන්නා කාලයෙදී ඔබගේ අනුදැනුම නොමැතිව කිසිදු විශේෂ තීරණයක් ගන්නේ නැති බවට මා සහතික වෙනවා" යැයි එරට ජනාධිපතිවරයා පැවසීය.
Cover Photo : AFP / Getty Images

Share