පාර්ලිමේන්තුව කැඳවන ලෙස කළ ඉල්ලීම කාලෝචිතයි - හිටපු කතානායක

Staff Writer | Author . Translate to English or தமிழ் 4/30/2020 7:57:00 PM
පාර්ලිමේන්තුව කැඳවන ලෙස කළ ඉල්ලීම කාලෝචිතයි - හිටපු කතානායක
පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරනුයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස තමන් එම යෝජනාව අනුමත කරන බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුව යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බවට තහවුරු කිරීම එහි කතානායකවරයාගේ භූමිකාව බවද ඒ මහතා අවධාරණය කරයි.
Share