කොරෝනා රටවල් 34ක මිලියන 3.2ක් බිලි ගැනීමේ අවදානමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 4/29/2020 2:35:00 PM
කොරෝනා රටවල් 34ක මිලියන 3.2ක් බිලි ගැනීමේ අවදානමක්

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමට කටයුතු නොකළහොත් ආර්ථික අර්බුද සහ යුද අර්බුදවලින් පීඩාවට පත් රටවල් 34ක බිලියනක පමණ ජනතාවකට එම වෛරසය ආසාදනය විය හැකි බවට ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) අනතුරු අඟවා ඇතැයි සීඑන්එන් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙය බරපතලම අවස්ථාව දක්වා ගියහොත් මිලියන 3.2 ක් පමණ මරණයට පත්විය හැකි බව එම කමිටුව අනතුරු අඟවයි.

“මෙම සංඛ්‍යා අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය.මෙම වසංගතයේ සම්පූර්ණ විනාශකාරීත්වය ලෝකයේ වඩාත්ම අර්බුදකාරී හා යුද්ධයෙන් විනාශ වූ රටවලට තවමත් දැනී නොමැත” යැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් මිලිබෑන්ඩ් පැවසීය. 

 "මෙම රටවල් බොහොමයක වෛරසයේ මුල් අවධියට මුහුණ දීමට සහ ගෝලීය වශයෙන් මෙම වසංගතය තවදුරටත් පැවතීම වැළැක්වීම සඳහා අපි තවමත් සිටින්නේ තීරණාත්මක අවස්ථාවකයි. ”

නිවේදනයක් නිකුත් කරමින් IRC කියා සිටියේ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කරන ලද ආකෘති නිර්මාණය හා දත්ත පදනම් කරගෙන මෙම ඇස්තමේන්තුව සකස් කළ බවයි.

එම ඉම්පීරියල් කොලේජ් වාර්තාව විවිධ තත්ත්වයන් යටතේ මරණ අනුපාතය ආදර්ශනය කර ඇති අතර රටවල ආර්ථිකය, ජනගහන තත්ත්වයන් සහ ඇස්තමේන්තුගත සෞඛ්‍ය සේවා ධාරිතාව වැනි තත්ත්වයන් අනුව එම වාර්තා සකස් කර තිබේ.

අර්බුදවලින් පීඩාවට පත් රටවල් 34 ලෙස IRC නම් කර ඇති රටවල් : ඇෆ්ගනිස්ථානය, බුරුන්ඩි, බංග්ලාදේශය, බුර්කිනා ෆාසෝ, චැඩ්, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, කොලොම්බියාව, කෝට් ඩි අයිවෝර්, කොංගෝ ජනරජය, එල් සැල්වදෝරය, ඉතියෝපියාව, ග්‍රීසිය, ඉරාකය, ජෝර්දානය, කෙන්යාව , ලෙබනනය, ලයිබීරියාව, ලිබියාව, මාලි, මියන්මාරය, නයිජර්, නයිජීරියාව, පකිස්ථානය, සියරා ලියොන්, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව, ටැන්සානියාව, තායිලන්තය, උගන්ඩාව, වෙනිසියුලාව සහ යේමනය.

CNN ඇසුරෙන්

Cover Photo : Getty Images

Share